Dec 11, 2018

රනිල්ට විශ්වාසය පළකරන යෝජනාව සජිත්ගෙන් : පක්ෂව 117ක් ! Featured

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී හෙට(12) විවාදයට ගැනීමට නියමිතව තිබේ.

එම යෝජනාව හෙට දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයටද ඇතුළත් කර තිබේ.

හෙට පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

යෝජනාව විවාද කිරීමෙන් අනතුරුව ඡන්ද විමසිමක්ද පවත්වා එය සම්මත කර ගැනීමට ද එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කෙරෙන යෝජනාවට පක්ෂව තම පක්ෂය ඡන්දය භාවිත නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ එජාපෙ නායකයකු පැවසුයේ රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව හෙට දිනයේ ඡන්ද 117ක් ලැබෙන බව සහතික බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top