May 31, 2019

සමයන් හා රංගජීවගේ වෙඩි තැබීම් මධුෂ් බාරගනියි Featured

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට වෙඩි තැබීම හා බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටියදී පාතාල නායකයෙකු වන අරුණ උදය ශාන්ත හෙවත් රණාලේ සමයං ට වෙඩි තැබීම සම්බන්ධ සිද්ධීන් මෙහෙයවූයේ තමා විසින් බව පාතාල නායක සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් පිළිගෙන ඇතැයි පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර බස්නාහිර පළාතේ ආණ්ඩුවේ සිටින ප්‍රබල ඇමතිවරයෙකු හා දකුණු පළාතේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකු සමග තමා සමීප සම්බන්ධතා පැවැත්වූ බවද මේ වනවිට ඔහු හෙළිකර තිබේ.

කෙසේ වුවද තමා ඩුබායි හිදී ඩුබායි පොලිසියට කොටු වීමෙන් පසුව මොවුන් දෙදෙනාම තමන්ට උදව් කිරීම මගහැරී බවද ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

බස්නාහිර පළාතේ අදාල අමාත්‍යවරයා දකුණු පළාතේ සංචාරය කළ බොහෝ අවස්ථාවලදී නවාතැන් හා සංග්‍රහයන් ලබාදීම සඳහාද තමා කටයුතු කළ බවද මධුෂ් හෙළිකර තිබේ.

මේ වනවිට මාකඳුරේ මධුෂ් භාවිතාකල 3.8 වර්ගයේ පිස්තෝල දෙකක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගැනීමට සමත්ව ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top