May 27, 2019

වෛද්‍යවරයාගේ ගැටළුව ගැන සොයන්න විශේෂ කණ්ඩායමක් රෝහලට Featured

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්තා කිසියම් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වී ඇත්දැයි සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තා වේ.

කඩිනමින් මූලික විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප‍්‍රමුඛයෙන් අවධානය යොමු කර තිබේ.

මෙම සැකකාර වෛද්‍යවරයා සම්බන්ධ බව කියන දරුවෙකු මාරු කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනය අවසන්ව ඇතැයි පැවසේ.

පොලිස් පරීක්ෂණයට අමතරව වෙනම පරීක්ෂණයක් සිදු කරනවා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කරන අවස්ථාවේ නීති විරෝධීව මව්වරුන් වන්ද්‍යකරණය කර ඇති බවට සමාජයේ මතුව ඇති දැඩි කතාබහ හේතුවෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් පරීක්ෂණයට අමතරව වෙනම පරීක්ෂණයක් ලෙස මෙය සිදු කරනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසා ඇත.

වෛද්‍යවරුන් 4ක් සාෆිට එරෙහිව පැමිණිලි කරලා

සැකකාර වෛද්‍යවරයා විසින් නීතිවිරෝධී වඳ සැත්කම් කර ඇති බවට මේ වන විට පැමිණිලි 15 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් 4ක් ඔහු සමග සේවය කළ වෛද්‍යවරුන් විසින් ගොනු කර ඇති බවද රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

අද (27) දිනයේදී ද පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා කාන්තාවන් කිහිප දෙනෙකු රෝහල වෙත පැමිණ ඇති බව මේ අතර වැඩිදුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top