Oct 10, 2017

නාමල්ගේ ලේකම්වරියට ඇප

කටුනායක ගුවන් තොටුපළේදී අද(10දා) අලුයම අත්අඩංගුවට ගනු ලැබු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේෂන් ආයතනයේ අධ්‍යක්ෂවරියක වන ඕනෙලා ඉරේෂා ද සිල්වා ට කොළඹ මහාධිකරණය ඇප ලබා දී තිබේ.

ඇයගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදීමට නියෝග කර තිබේ.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

ලබන පෙබරවාරි 16 සහ 20 යන දිනයන්හී නැවත නඩුව විභාග කෙරෙන බව කොටුව මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා දැනුම් දුන්නේය.

සබැඳි පුවත්

ඩුබායි සිට පැමිණි නාමල්ගේ ලේකම්වරිය FCID බාරයට (UPDATE)

නාමල්ගේ ලේකම්වරිය කටුනායකදී අත්අඩංගුවට !

නාමල්ගේ සුරූපී ලේකම්වරිය අබුඩාබියේදී අත්අඩංගුවට !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top