May 22, 2019

සිරිපා අවාරයේදී විශේෂ වැඩ පිලිවෙලක්

වෙසක් පොහොයෙන් මෙවර සිරිපා කරුණා සමය අවසන් වුණු අතර ශ්‍රී පාද අවාරයේ මළුවේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව නල්ලත්න්නිය පොලිසිය පවසයි.

සිරිපා වන්දනා සමයේ හැටන් මාර්ගයේ ස්ථාපනය කර තිබු ගගුලතැන්න , රතුඅම්බලම සහ ඉදිකටුපහන යන ප්‍රදේශවල පොලිස් මුරපොරවල් වල 2019- 2020 වසර සදහා සිරිපා සමය ආරම්භ වන තෙක්ම පොලිස් නිලධාරීන් රාජකාරි සදහා යෙදවීමට පියවර ගෙන තිබේ.

සිරිපා අවාරයේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන සංචාරකයන් නල්ලතන්නිය පොලිසියේ ලියාපදිංචි කර දැඩි පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසු ශ්‍රි පාදස්ථානය සංචාරය කිරීමට අවස්ථාව ලබාදෙන බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top