Mirror - මෑතකදී බ්‍රිතාන්‍යයට ගිය එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ ප්‍රබලයකු ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’(GTF ) නම් දෙමළ එල්.ටි.ටි.ඊ. හිතවාදී සංවිධානයේ නායකයා හමුවී ශ්‍රී ලංකා රජයට එරෙහි මඩ ව්‍යාපාරයක් ගෙනයාම සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි ආණ්ඩුවේ 'සිළුමිණ' පුවත්පත කියා සිටියි.
කැනඩාවේ ‘ඔරු’ නම් දෙමළ පුවත්පත සමඟ 'ලෝක දෙමළ සංවිධානය' හෙවත් 'ග්ලොබල් ටැමිල් ෆෝරම්' ආයතනයේ නායකයකු වන සුරේන් සුරන්දිරන් මහතා කරන ලද සාකච්ඡාවකදී එබව අනාවරණය වී ඇතැයි ද හෙට (20) පළවීමට නියමිත 'සිළුමිණ' පුවත්පතේ සදහන්වේ.
මීළඟ ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි අභූත චෝදනා එල්ල කිරීමට ද මේ කණ්ඩායමේ සූදානමක් ඇතැයි ද ආණ්ඩුවේ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
එහෙත්, එසේ සාකච්ජා පැවැත්වූ මන්ත්‍රීවරයා කවුරුන්දැයි 'සිළුමිණ' හෙළි නොකරයි.
කෙසේවුවද, එජාප සන්නිවේදන අංශයේ ප්‍රධානි මංගල සමරවීර මහතා දෙමල ඩයස්ෆොරාවේ සාමාජිකයින් පිරිසක් සමග සාකච්ජා පවත්වා ඇතැයි ශ්‍රී ලංකා මාධ්‍ය තුල පළමු වරට වාර්තා කලේ 'මිරර්' වෙබ් අඩවියයි.
''මංගල, ද්‍රවිඩ ඩයස්ෆොරාවේ ප්‍රධානින් හමුවෙලා '' යන සිරස්තලයෙන් යුතුව, පසුගිය ජනවාරි 08 'මිරර්' හි පළවූ එම වාර්තාවේ හි, 'ගෝලීය ද්‍රවිඩ සංසඳයේ' ප්‍රකාශක සුරේන් සුරන්දිරන් මහතාගේ නිවසේ පැවති මෙම හමුවට, එම සංවිධානයේ සෙන් කන්දයියා, සුගන්දන් කුමාර්, කුමරේන්දිරන්, රාම් චෙලියන් සහ 1985 තිම්පු සාකච්ජාවලට සහභාගිවූ, ඊරෝස් සංවිධානයේ හිටපු මහ ලේකම් වේලුපිල්ලේ කුහන් ඇතුළු කිහිප දෙනෙකු සහභාගිවී ඇතැයි ද සදහන් විය.
එම හමුවෙන් පසුව එල්.ටි.ටි.ඊ. දැඩි මතධාරී කණ්ඩායම් එම හමුව බරපතල ලෙස විවේචනය කර තිබිණ.
එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන නියෝජිතයකු වන මංගල සමරවීර මහතා, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයකු බවත්, ඔහු විදේශ ඇමතිව සිටියදී එල්.ටි.ටි.ඊ. සංවිධානයට එරෙහිව ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ දැඩි මතවාදයක් ගෙනගිය ද්‍රෝහියකු බවත්, එවැනි පුද්ගලයකු සමග සාකච්ජා පැවැත්වීමට ද්‍රවිඩ දෝහින් කටයුතු කර ඇති බවත් එල්.ටි.ටි.ඊ.යට හිතවත් විදෙස් ඩයස්ෆොරාවේ සංවිධාන කිහිපයක්ම සිය වෙබ් අඩවි හරහා චෝදනා කර තිබීම.
සබැදි පුවත්-
මංගල, ද්‍රවිඩ ඩයස්ෆොරාවේ ප්‍රධානින් හමුවෙලා