Subscribe By RSS or Email

Articles

Written by Shanika Jayasekara Category: පුවත්
Published on Saturday, 19 January 2013 17:38 Hits: 170
Print

Handcuffs 360px 12 12 10Mirror - අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරින් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකර සැගවී සිටි හෝටල් හිමිකරු අද (19) පොලිසියට භාරවී තිබේ.

සැකකරු අද පොලිසියට භාර වූයේ නීතීඥයෙක් මාර්ගයෙන් වන අතර එසේ බාරවිමෙන් පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මෙම නිලධාරීන් දෙදෙනා පසුගිය 16 වැනිදා වැටලිම් රාජකාරි සදහා අනුරාධපුර, අංක 02, ශි‍්‍ර මහබෝධිය පාරේ පිහිටි හෝටලයක් පරික්‍ෂා කිරිමට ගිය අවස්ථාවේදී මෙම පහරදීමට ලක්ව වූහ.

සිද්ධියෙන් තුවාල ලැබූ අදාල නිලධාරීන් අනුරුධපුර රෝහලෙන් නේවාසිකව ප‍්‍රතිකාරද ලබාගෙන තිබිනි.

සැකකරු වයස අවුරුදු 41 ක අයෙක් වන අතර ඔහු ඉහත ලිපිනයේ පදිංචි කරුවෙකි.

ඔහු අද අනුරාධපුර මහේස්තාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද පැවසේ.

සිදධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශන පවත්වයි.