Mirror - පසුගිය 15 වැනිදා අගවිනිසුරුතුමිය ඉවත් කළ ආකාරය කිසිවකුට අනුමත කල නොහැකි බවත්, ඒ ක්‍රමයට තමා සම්පූර්ණයෙන් විරුද්ධ බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.
දෝෂාභියෝග ක්‍රියාවලිය දවස් කීපෙකින් අවසන් කළා කියල උදම් ඇනීම හපන්කමක් නොවන බවද, නියම සටන ඇරඹුණේ දැන් බවද ඔහු පවසයි.
'' එතුමියට යම් කාලයක් ලබාදිය යුතුව තිබුණ. කම්කරුවෙක්‌වත් එහෙම එකපාරට එළියට දාන්නෙ නෑ. මේව ජාත්‍යන්තරයට යනව, නව අගවිනිසුරු දිවුරුම් දෙන දිනයෙත් හැමතැනම බැරියර් දාල. මම අගවිනිසුරුව සිටියදි ඔය බැරියර් අහකට දැම්ම. ත්‍රස්‌තවාදීන්ට වුණත් අධිකරණයට එන්න නිදහස තියෙන්න ඕන. බෝම්බ ගේන්න විතරයි බැරි. සහනයක් ලබා ගන්න ත්‍රස්‌තවාදියට වුවත් අධිකරණයට එන්න පුළුවන්. ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියටත් කතා කිරීමේ නිදහස තියෙන්න ඕන. '' යයි ද සරත් එන්. සිල්වා මහතා කියා සිටියි.