Mirror - අද හෙටම සක‍්‍රිය දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට තමාගේ බලාපොරොත්තුවක් නැතැයි අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා පවසයි.
ගම්පොල දොළුව ප්‍රාදේශීය සභා කමිටු රැස්වීමට අද (19) පෙරවරුවේ සහභාගිවූ අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ඒ බව සදහන් කලේ, අගමැතිවරයා සක‍්‍රිය දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට සුදානම් වන බවට මාධ්‍ය වල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් ගම්පොළ ආසනයේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු කල සුහද විමසීමකදීය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අගමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු කියා සිටියේ, එම කට කතාව පතුරුවා හරින්නේ ඌව පළාතේ ඇමතිවරයකු විසින් බවය.
පසුගිය කාලයේ රෝගාතුරව සිටි අගමැතිවරයා මේවනවිට යලි ක්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටින බවත්, ඊයේ (18) ගම්පොල වික්‍රමබාහු මහා විද්‍යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් 'දිවිනගුම' රැස්වීමට සහභාගිවූ අගමැතිවරයා අද දිනය පුරා ද ගම්පොල ආසනයේ සංවර්ධන කටයුතු වල ප්‍රගති සමාලෝචන රැස්වීම කිහිපයක්ම කැඳවා ඇති බවත් පැවසු එම නිලධාරියා, ඒ අනුවඅගමැතිවරයා අද දහවල් ගම්පොල උඩපළාත ප්‍රදේශය සංවර්ධන කමිටුවට ද සහභාගී වන බව වැඩිදුරටත් කිය .