Subscribe By RSS or Email

Articles

Written by Shanika Jayasekara Category: පුවත්
Published on Saturday, 19 January 2013 11:00 Hits: 487
Print

st. johns  fish  market 305px 19 01 13Mirror - කොළඹ 'මාළු කඬේ' ලෙස කලක් තිස්සේ ප‍්‍රකටව පැවැති ශාන්ත ජෝන් මාලූ වෙළඳ සැල 'ගෝල්ඞ් සෙන්ටර්' නමින් ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමට පටන් ගෙන ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාත්පෘති කළමණාකාර අධ්‍යක්‍ෂ චම්පිකා ද සිල්වා මහත්මිය පැවැසුවාය.

ඒ අනුව ඩුබායි වැනි දියුණු රටවල පවතින මට්ටමට ස්වර්ණාභරණ මධ්‍යස්ථානයෙක් ලෙස මෙම ස්ථානය දියුණු කිරීමට දැනටමත් කටයුතු අරඹා ඇති බව චම්පිකා ද සිල්වා මහත්මිය කීවාය.

කොළඹ පැවැති මාලූ කඬේ පසුගිය කාලයේ පෑලියගොඩ නගරයේ ස්ථාපිත කිරීමට රජය පියවර ගත්තේය. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය එම ස්ථානය සංවර්ධනය කිරීම සඳහා මෙම ව්‍යාත්පෘතිය ආරම්භ කර තිබේ.

පළමු හා දෙවැනි මහළ මෙසේ ස්වර්ණාභාරණ ප‍්‍රදර්ශන සහ වෙළද සැල්වලින් යුතුව නවීකරණය කරීමට නියමිතව ඇත. ලබන ජුනි මාසය වනවිට ව්‍යාත්පෘතියේ පළමු අදියර නිමා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනට සැළසුම් කර තිබේ.

මෙම ගොඩනැගිල්ලේ නවීකරණ කටයුතු සඳහා දැනටමත් යුද හමුදා සෙබළුන් 70 ක් පමණ අදාල ස්ථානයේ සේවය කරමින් සිටින බව චම්පිකා ද සිල්වා මහත්මිය පැවැසුවාය.

- ශ්‍රී ලංකා නිවුස්